(මොහොමඩ් ආසික්)
පූජාපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් මාරතුගොඩ කොටින්කඩුව ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක නිදන් හාරමින් සිටි බව කියන සැකකරුවන් හත් දෙනෙකු පූජාපිටිය පොලීසිය මගින් අද (02) සවස අත් අඩංගුවට ගනු ලැබ තිබේ.
පොලීසියට ලැබුණු තොරතුරක් අනුව එම ප්‍රදේශය විශේෂ පරීක්ෂාවට ලක් කළ පොලීසිය එම අවස්ථාවේ මෙම පෞද්ගලික ඉඩමේ කැලෑබද ප්‍රදේශයක නිදන් හාරමින් සිටි බව කියන මෙම සැකකරුවන් පොලීසිය මගින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් සමඟ පොළොව හෑරීම සඳහා යොදාගත් උදලු දෙකක් අලවංගු, තාච්චි ඇතුළු උපකරණ මෙන්ම පූජා භාණ්ඩද පොලීසිය සිය භාරයට ගනු ලැබ තිබේ.
අත් අඩංගුවට ගත් සැකකරුවන් ජාඇල ,ගනේමුල්ල, කඳාන,ගම්පොල ආදී ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකරුවන් වයස අවුරුදු 18ත් 52ත් අතර පසුවන්නන් වේ. ඔවුන් අතර තරුණ භික්ෂූූන්ව හන්සේ නමක්ද සිටින බව පොලීසිය කියයි.
අත් අඩංගුවට ගත් සැකකරුවන් හෙට (03) ගලගෙදර මහේස්ත්‍රත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත බවද පොලීසිය කියයි.
පූජාපිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුද්ගලික ඉඩම් ඔප්පුවෙන් පවරා තියෙන්නේ චංචල හා නිෂ්පල සියලුම දේ