එෆ්.අස්ලම් සහ අමදෝරු අමරජීව
මෙරට සමස්ථ ජාතික පාසල් 352 අතරින් පාසල් 260කටම පත්කර ඇත්තේ විදුහල්පතිවරුන් නොව වැඩබලන විදුහල්පතිවරුන් බව නැගෙනහිර පළාත් ගුරුසේවා සංගමය චෝදනා කර සිටීයි.
එම සංගමයේ ලේකම් සිවකුලන්දෙයි ජෙයරාජ් මහතා ලංකාදීපයට පැවසුවේ අධ්‍යාපන අමාත්‍යංශය අධ්‍යාපන දෙපාර්තුමේන්තුව මෙන්ම පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුවට දේශපාලන වශයෙන් සිදුවන ඇගිලි ගැසීම් සහ බලපෑම් මැද අධ්‍යාපන ක්ෂේත්‍රයට මෙම ඉරණම අත්වී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් එම සංගමය මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කළ අතර එහි මෙසේ සඳහන්ව ඇත.
ශ්‍රී ලංකවේ ජාතික පාසල් 352ක් තිබෙනවා. ඒත් ස්ථිර විදුහල්පතිවරුන් පත්කරල ඉන්නෙ පාසල් 92ක් විතරයි. පාසල් 260කම ඉන්නේ තාවකාලික වැඩබලන විදුහල්පතිවරුයි. අධ්‍යාපන අමාත්‍යංශයෙත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුවත් මෙන්ම පළත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුත් දේශපාලන වශයෙන් බලපෑම් සහ ඇගිලි ගැසීම් සිදුවීම නිසා දූෂිත තත්වයකට ඇද වැටිල තියෙනවා. මේ නිසා අධ්‍යාපන ක්ෂේත්‍රය මුළුමනින්ම බිඳ වැටිල තියෙනවා.
පළාත් සභා පාසල්වලට උද්ගත වෙලා තිබෙන්නෙත් මෙම තත්ත්වයමයි. ජාතික ප්‍රතිපත්තියක් මත සිදුකළ යුතුව තිබෙන වාර්ෂික ගුරු ස්ථාන මාරුකිරීම් ජනවාරි මාසයේදී සිදුකළ යුතු වුවත් එම මාරු කිරීම් සිදුකරන්නේ වසර මැද දීයි. මේ නිසා විදුහල්පතිවරුන්,ගුරුවරුන් මෙන්ම සිසු සිසුවියන් ද අපහසුතාවට පත්වෙලා තියෙනවා. පාසල්වල වැඩ කටයුතුත් අඩාල වෙලා. පාසල් වල පරිපාලන අක්‍රමිකතාද සිදුවෙනවා.
මෙම ගැටළුව පිළිබඳ රජය නිසි පරිදි අවධානය යොමුකළ යුතු යැයි ද එම නිවේදනයේ සඳහන් වී ඇත.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
නැ’හිර පළාත් ගුරු සේවා සංගමයෙන් චෝදනාවක්