(මොහොමඞ් බුහාර්ඩින්)
ගලේවෙල ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ තක්කාලි ගොවීන්ට සිය අස්වනුවලට නිසි මිලක් නොමැතිවීම හේතුවෙන් ඉදිරියේදී අස්වනු නෙළීමෙන් ඉවත් වන බව තක්කාලි ගොවීහු පවසති.
ගලේවෙල ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පට්ටිවෙල කට්ටන්කොටුව ගම්මානයේ අකකර 100ට ආසන්න බිම් ප‍්‍රමාණයක මෙවර තක්කාලි වගා කර ඇත.
මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තක්කාලි කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 10 ත් 20 අතර මිලකටය. මේ හේතුවෙන් ගොවියෝ සිය අස්වනු විකුණාගත නොහැකිව දැඩි ලෙස අසරණ වී සිටිති.
සාමාන්‍යයෙන් තක්කාලි කිලෝවක් නිෂ්පාදනය කිරීමට රු 40ක මුදලක් වැය වන බවත් තත්කාලි වගාව ආශ්‍රිත දෛනික කුලී කම්කරුවන්ගේ වැටුප්, තෙල් හා පොහොර ඇතුළු භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම නිසා පවතින මිලට තක්කාලි කිසිසේත්ම අලෙවි කළ නොහැකි බව ගොවීහු පවසති.
තක්කාලි ප‍්‍රවාහනය කරන පෙට්ටියක් මිලදී ගැනිමට රු 100 වැය වන අතර පෙට්ටියක් මිලදිගැනීමට තක්කාලි කිලෝ 5 විකිණා මුදල් සොයාගතව ඇති ඇති බවත් ප‍්‍රවාහන කුලිය ගෙවූ විට තත්කාලි නිකන් දුන්නා හා සමාන බවත් ගොවීහු පවසති.
තක්කාලි අස්වනු නෙළා ප‍්‍රවාහනය කර විකිණීමට යාමේදී අතින් පාඩු සිදුවී ඇති බැවින් මිල මෙසේ පැවතුනහොත් තක්කාලි අස්වනු නෙළීමෙන් ඉවත්වී තක්කාලි කොටු අතහැර දැමීමට සිදුවනු ඇතැයි ගොවිහු කියා සිටිති.
පසුගිය කක්නයේදී ද තක්කාලි මිල රු 5 දක්වා පහත වැටීම හේතුවෙන් ගොවින් තක්කාලි අස්වනු නෙළීමෙන් බැහැර වී ඒවා සිය අස්වනු කොටු තුළදී ම කුණු වී යාමට ඉඩ දී බලා සිටීමට සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කරන්නද අමරවීරට කියන්න අමාත්‍යංශයෙන් මිලට ගෙන නොමිලේ බෙදා දෙන්න කියලා. මේහේ සුපර් මාකට් එකක නම් ඒ දවස්වල වට්ටක්ක නොමිලේ දුන්නා.