(මහින්ද නිශ්ශංක)
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා අලුතින් බඳවා ගනු ලබන දුම්රිය එන්ජින් රියැදුරන් 28 දෙනෙකු හෙට(25) සිට බලවේග දුම්රිය ධාවන සේවයට යොදවන බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනියර් සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසීය.
2017දී බඳවා ගනු ලැබූ මෙම රියදුරන් වසර තුනක පුහුණුවක් ලැබීමෙන් පසු අද(24) පෙරවරුවේ විසිර ගිය බවද ඔහු කීය.
මෙම නව රියදුරන් 28 දෙනා සේවයට එක්වීමත් සමඟ දෙපාර්තමේන්තුවේ දුම්රිය රියදුරන් සංඛ්‍යාව 400ක් දක්වා ඉහළ යනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කිසිම වැඩ වර්ජනයක් නැහැ නේද ? හැමෝම පිළිවෙලකට වැඩ කරගෙන යනවා වගේ නේද ?
අනේ හොඳයි දැන්වත් කෝච්චි ටික වෙලාවට යනවානම...................