වයස අවුරුදු හයක දරුවකුගේ නූතන තාක්ෂණික දැනුම වයස අවුරුදු 45 ක වැඩිමහල් අයකුගේ දැනුම පරදන බව පර්යේෂණයකින් තහවුරු වී ඇත.
ස්මාර්ට් දුරකථන, ටැබ්ලට් පරිගණක, ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍ර ඇතුළු නවීන සන්නිවේදන උපකරණ භාවිතයෙන් පසුගිය දශකයේ දී වයස්ගත පුද්ගලයන් පසුපසට තල්ලුකැර දමා ගැටවරයන් ඉදිරියට එමින් තිබෙන බව පර්යේෂකයෝ පවසති. සන්නිවේදන නිරික්ෂණ ආයතනයක් ලෙස කටයුතු කරන ඔෆ්කොම් නමැති ආයතනය පවසන්නේ වසර 2000 දී හෙවත් නව සහශ්‍රකයේ උපත ලබා දැන් වයස අවුරුදු 14 හා 15 වැනි වයස්වල පසුවන නව යොවුන් වියේ දරුවන් උපන් දා සිටම අන්තර්ජාලය සමග ජීවත්වීම හේතුවෙන් ඔවුන් නූතන තාක්ෂණය ඉතා විශ්වාසකටයුතු ලෙස පරිහරණය කරන බවයි.
එසේ ම පෙරපාසල් වයසේ දරුවන් පවා ඔවුන්ගේ වැඩිහිටියන් භාවිතා කරනවාට වඩා නූතන තාක්ෂණික උපකරණ භාවිතා කිරීමට පෙළඹී ඇතැයි ද හෙළිවී තිබේ.
පරීක්ෂණයට සහභාගී වූ අවුරුදු 55ට වැඩි පුද්ගලයන්ගෙන් සියයට 60ක් නව තාක්ෂණය හමුවේ අපහසුතාවයට පත්වූහ. ඔෆ්කෝම් අයාතනය පවසන්නේ නූතන ඩිජිටල් තාක්ෂණය හා මාධ්‍යවල හැඩය තීරණය කරන්නේ සහශ්‍රෙය් දරුවන් විසින් බවයි. දැනට වයස අවුරුදු අටේ දරුවන් ෆේස්බුක්, ට්විටර්, යූ ටියුබ් වැනි සමාජ අන්තර්ජාල අඩිවි නොමැති ලෝකයක් ගැන දන්නේ නැත. ඒ අතරම බොහෝ වැඩිහිටි පුද්ගලයන් ඊ මේල් යැවීම සම්බන්ධව ඉගෙන ගනිමින් සිටියි.
මේ අධ්‍යයනයට බ්‍රිතාන්‍යයේ 2800ක් සම්බන්ධ වූහ. එහිදී නූතන තාක්ෂණය හා විවිධ උපකරණ, භාවිතා කිරීමේ හැකියාව පිළිබඳ ප්‍රශ්නාවලියකට පිළිතුරු දීමට ඔවුන්ට සිදුව ඇත. එම ප්‍රශ්න මාලාවෙන් අවුරුදු 14-15ත් අතර දරුවන්ගේ ලකුණු සාමාන්‍ය 114 ක් වෙද්දී වයස අවුරුදු හයේ දරුවන්ගේ ලකුණු සාමාන්‍යය 98 කි. අවුරුදු 45ක වයසේ පසුවන්නන්ගේ සාමාන්‍ය ලකුණු ප්‍රමාණය 96ක් ලෙස සටහන් වෙද්දී වයස අවුරුදු 75ට වැඩි පුද්ගලයන්ට හිමිවූයේ ලකුණු 80 ක සාමාන්‍යයකි.
තවද වයස අවුරුදු 12ත් 15ත් අතර පසුවන දරුවන්ගෙන් සියයට 84ක් ප්‍රකාශ කැර තිබුණේ අන්තර්ජාලය ඇතුළු නූතන තාක්ෂණය නොමැතිව ජීත්වන්නේ කෙසේ ද යන්න ඔවුන් නොදන්නා බවයි.
2025 දෙසැම්බර් මස 16
15
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
818
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
599
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නව දැනුම නැතිව ජිවත් වෙන්න බෑ
ගාමිණී - සිරි Thursday, 07 August 2014 06:52 PM
තාක්ෂනය ඉතාමත් අගය කරනවා. නමුත් මෙයින් නුතන පරම්පරාව අනිසි දේවල් වලට පෙළඹීම කනගාටුවට කරුණක්. 17 වසරක ගැටවරයෙක් කිසිදු බියක් ,සැකක් නොමැතිව බැංකු 6 කින් පමණ කෝටි 1 ,1/2 ක මුදලක් ඇද ඇති බව අනාවරණය උනා. ෆේස් බූක් මගින් හඳුනාගෙන සියදිවි නසාගත් පාසල් දැරියන් ගැන වාර්තා උනා. මුදල් නෝට්ටු මුද්‍රණය කෙසේ වෙතත් ඉංග්‍රීසි අසමත් උනත් අප රටේ නුතන පරපුර තාක්ෂනය අතින් ඉදිරියෙන් සිටින බව පිළිගත යුතු කරුණක් (නදී)
චමින්ද Thursday, 07 August 2014 01:23 PM
සහතික ඇත්ත කතාවනම්. මමත් පරිගණකයේ හිරවුණු තැන වලදී ඒවාට විසදුම් අහගන්නේ. අවුරුදු දහයක් වයස මගේ පුතා ගෙනුයි. මොකද අපි පොඩි කාලේ පරිගණක තිබුණු එකක්යැයි. (නදී)