(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දෙහිවල ධර්මපාල මාවතේදී හෙරොයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවකු රඳවා ගැනීමේ නියෝග මත කළ ප්‍රශ්න කිරීමේදී ඔහු නිවාස 35කින් රුපියල් 3,500,000ක් වටිනා දේපළ ද සොරකම් කර ඇතැයි අනාවරණය වූ බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය පවසයි.
පොලිස් බාරයට ගත් එම දේපළ අතර රන් භාණ්ඩ, විදුලි උපකරණ, ලැප්ටොප් පරිගණක, ටැබ් යන්ත්‍ර, ගෑස් කුකර්, ත්‍රී රෝද රථ බැටරි ආදිය වන බවද පොලිස් නිලධාරියෙක් පැවසීය.
ගල්කිස්ස, දෙහිවල, පිළියන්දල, පානදුර, මහරගම, පාදුක්ක, රාගම සහ ගම්පහ යන පොලිස් වසම්වල නිවාසවලින් මොහු මෙම භාණ්ඩ සොරකම් කර ඇතැයි හෙළි වී තිබේ.
සැකකරු ඉකුත් 14 වැනිදා අත්අඩංගුවට ගත් අතර අධිකරණයට ඉදිරිපත් කර දින 7ක රැඳවුම් නියෝග ලබා කළ ප්‍රශ්න කිරීමේදී මෙම තොරතුරු අනාවරණය කරගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.
සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd