(ජී.ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)
අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටි පුද්ගලයෙකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු විසින් විවිධ ප්‍රදේශයන්හි නිවෙස්වලින් සොරකම් කරන ලද රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා රන් භාණ්ඩ තොගයක් සොයා ගැනීමට හැකි වූ බව පෝද්දල පොලිසිය කියයි.
මෙම පුද්ගලයා හෙරොයින් පානයට ඇබ්බැහි වූ අයෙකු බව පොලිසිය කියයි.
35 හැවිරිදි සැකකරු මොල්ලිගොඩ වත්ත හපුගල පදිංචිකරුවෙකි.
පොලිසිය පවසන්නේ තම භාරයට ගත් භාණ්ඩ අතර රත්තරන් දම් වැල් දෙකක්,රන් මුදු දෙකක්,රත්තරන් උණු කරන ලද ගුලියක් සහ රිදී භාණ්ඩ තොගයක් සොයා ගත් බව පොලිසිය පැවසීය.
හපුගල , සරසවි අසපුව , බටුවන් තුඩාව යන ප්‍රදේශ වල නිවෙස් බිඳ සොරාගත් භාණ්ඩ වූ බව ද පොලිසිය කියයි.
සැකකරු සහ අත්අඩංගුවට ගත් රන් භාණ්ඩ හෙට (13) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd