IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නිවසට පැමිණ දැරියක අපයෝජනය කළ ‍වෙළෙන්දා අල්ලයි

(දයාරත්න ඇඹෝගම)
 
නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී 14 හැවිරිදි බාල වයස්කාර දැරියක අපයෝජනය කළ බව කියන වෙළෙන්දෙකු අද (15) අත්අඩංගුවට ගත්බව ගල්කිරියාගම පොලිසිය කියයි.
 
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පුබ්බෝගම, අලුත්කුඩාටුගම ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි මෑකරල් අලෙවි කරන වෙළෙන්දෙකි.
 
අපයෝජනයට ලක්වූ බව කියන දැරිය සහ මෙම වෙළෙන්දා අසල්වාසියෝ වෙති.  වෙළෙන්දා මෑකරල් වෙළදාමේ යද්දි දැරියගේ නිවසටද ගොස් දැරියගෙන් මෑකරල් අවශ්‍යද කියා විමසා සිටි අවස්ථාවේ සිය පියා සහ අයියා අසනීපව සිටින සුළු මවට බෙහෙත් ගැනීමට රෝහලට ගොස් ඇති නිසා මෑකරල් අනවශ්‍ය බව ඇය පවසා ඇත.
 
සැකකරු ඇය පසුපසින් නිවසට ඇතුළු වී දැරියට තර්ජනය කර අපයෝජනය කර ඇතැයි පොලිසිය කියයි. දැරියගේ කෑ ගැසීමට නිවසට පැමිණි අසල්වාසි කාන්තාවක් සිද්ධිය දැක ඒ  පිළිබදව දැරියගේ පියාට දැනුම්දීමෙන් පසු ඔහු කල පැමිණිල්ල මත පොලිසිය සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.
 
ඔහු අද(15)  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

නිවසට පැමිණ දැරියක අපයෝජනය කළ ‍වෙළෙන්දා අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site