(ප්‍රසන්න පත්මසිරි)
පස්සර නගරයේ බණ්ඩාරනායක මාවතේ නිවසක් මතට අද ( 20 ) උදෑසන ගල් බැම්මක් කඩාවැටීමේන් නිවසේ සිටි පිය පුතු දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය කියයි.
අනතුරින් මොහොමට් තුවාන් යුසුප් (42) සහ මොහොමට් රුක්මාන් නැමැති පිය පුතු දෙදෙනා තුවාල ලබා පස්සර රෝහලට ඇතුලත් කිරිමෙන් පසු බරපතල තුවාල ලබා සිටි පියා බදුල්ල මහ රෝහලට මාරු කර යවා තිබෙන බව පොලිසි කියයි.
ප්‍රදේශයට නොකඩවා පවතින අධික වර්ෂාවත් සමග අද උදේ 6.45ට පමණ නිවස පිටුපස තිබු අඩි පනහක් පමණ උසති ගල් බැම්ම නිවස මතට කඩා වැටෙන අවස්ථාවේදි නිවසියන් පස්දෙනෙකු සිටි බවත් ඉන් පිය පුතු දෙදෙනා තුවාල ලබා තිබෙන බවත් පොලිසිය කියයි.
නිවසේ සිටි නිවසියන් තිදෙනෙකු අනු නවයෙන් දිවි බේරාගෙන තිබෙන බව පොලීසිය කියන අතර නිවසට දැඩි හානි සිදුව තිබේ. පස්සර පොලිසිය පරික්ෂණ පවත්වති.



COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.