IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


නාවුල ප්‍රා.සභාවේ කාලගෝට්ටියක්

(ඉන්දික අරුණ කුමාර)
 
නාඋල නගරයේ ආරම්භ කිරිමට යෝජිත ඔට්ටු ඇල්ලීමේ ‘සූදු‘ ආයතනයකට  නාවුල ප්‍රාදේශීය සභාව  මගින් අවසර ලබා දුනනේ යැයි  කියමින් ඊට එරෙහිව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මන්ත්‍රීවරු විරෝධතාවයක නිරත වූහ.
 
නාඋල ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේ දස නමක් හා ප්‍රදේශයේ විදුහල්පතිවරුන් 17 දෙනකුගේ අත්සන් සහිතව අද (03) නාඋල ප්‍රාදේශිය සභාවට ඉදිරිපත් කළ ලිපියක්  සභාවට ඉදිරිපත් කිරීමේදී මෙම විරෝධතා මතු විය.
 
එම ලිපියේ කරුණු ඉදිරිපත් කළ ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී  සුනිල් ශාන්න මහතාට බාධා සිදුකරමින් පොදුජන පෙරමුණේ මන්ත්‍රි පිරිස විරෝධතාවයේ නියැලිණි.
 
නාඋල ප්‍රාදේශිය සභා සභාපති සනත් දසනායක (ශ්‍රී ලං පො ජ පෙ) මහතාගේ ප්‍රධානත්වයෙන් නාඋල ප්‍රාදේශිය සභා මාසික රැස්වීම අද (03) නාඋල ප්‍රාදේශිය සභා ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි.
 
සුනිල් ශාන්ත මන්ත්‍රිවරයා විසින් ඉදිරිපත් කරන ලද ලිපියේ අදාල රේස් බයි රේස් ආයතනය බලපත්‍රයක් නිකුත් කර ඇතැයි සදහන් වීමත් සමඟ විරෝධතාවය හට ගැනිණි.
 
එවැනි බලපත්‍රයක් මේ වන තෙක් නාඋල ප්‍රාදේශිය සභාව නිකුත් කර නොමැති බවත් ඉදිරිපත් කරන ලද ලිපිය ජනතා විමුක්ති පෙරමුණේ ද්වේෂ සහගත ප්‍රකාශයක් බවත් පොදුජන පෙරමුණු මන්ත්‍රිවරු කියා සිටියහ.
 
දිගින් දිගටම පැවති විරෝධතා හේතුවෙන් සභාවේ කටයුතු යථා තත්ත්වයට පත්කර ගැනීමට සභාපති සනත් දසනායක මහතා උත්සහ දරන අයුරු දක්නට ලැබිණි.
 
කලක් තිස්සේ ආරම්භ කිරිමට උත්සහ දරන මෙම ප්‍රශ්න ගත ආයතනය සම්බන්ධයෙන් විරෝධතාවක් ගොඩ නැලීම මන්ත්‍රිවරුන්ගේ යුතුකමක් බව සදහන් කළ සුනිල් ශාන්ත මන්ත්‍රිවරයාට සභාවෙන් දැඩි බාදා එල්ල විය.
 
චෝදනා සහිත ලිපිය සභාපති වරයාට භාර දීමට උත්සහා දෑරු සුනිල් ශාන්ත මහතාට පොදුජන පෙරමුණු මන්ත්‍රිවරැන් දැඩි බාධා එල්ල කළ අතර සභාපතිවරයාට එම ලිපිය භාර නොගන්නා ලෙස මන්ත්‍රි පිරිස සිය විරෝධය පලකළේය.
 
මෙහිදි අදහස් දැක්වු නාඋල ප්‍රාදේශිය සභාපති සනත් දසනායක මහතා කියා සිටියේ කිසිදු අවස්ථාවක නාඋල නගරයේ ආරම්භ කිරිමට යෝජිත රේස් බයි රේස් ආයතනයට වෙළද බලපත්‍රයක් ලබා දී නොමැති බවයි.
 
එමෙන්ම ප්‍රාදේශීය සභා මාසික රැස්වීම අවසන් වූ පසු නාඋල නගරයේ දී විරෝධතාවක් පැවැත්වීමට ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරැ සියල්ල එකගතාව පලකළ ද පසුව එය වෙනත් දිනක පැවැත්වීමට තීරණය විය.


 



අදහස් (0)

නාවුල ප්‍රා.සභාවේ කාලගෝට්ටියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 504 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 474 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site