රංජිත් රාජපක්ෂ
නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජිව මහතාගේ මාධ්‍යය අංශයේ නිලධාරියෙකුගේ නිවසකට අද(10) දින අලුයම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.
නාවලපිටිය බව්වාගම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ දෙමහල් නිවසටයි පෙට්‍රල් බොම්බ ප්‍රහාරය එල්ල වි තිබේ.
තමන් සහ බිරිද නිවසේ උඩු මහලේ නිදා සිටියදි අලුයම 1 ට පමණ විශාල ශබ්දයක් ඇසුණු බවත්, පසුව නිවසේ විදුලි අලෝකය දල්වා පරික්ෂා කර බැලිමේදි කිසිවෙකුත් නොසිටි බව නිවසේ හිමිකරු උදිත ඉන්දික ගංහේවා මහතා පැවසිය.
උදිත ඉන්දික ගංහේවා මහතා නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජිව මහාතාගේ ඥාතියෙකුද වන අතර ඔහු සභාපතිවරයාගේ මාධ්‍යය කටයුතු වලට අමතරව සභාපතිවරයාගේ රියදුරෙකු වශයෙන් කටයුතු කරනු ලබයි.
පෙට්‍රල් බොම්බ ප්‍රහාරයෙන් තම නිවසේ පහල මහලට දැඩි ලෙස අලාභ හානි සිදු වි ඇති බවත්, මෙම ප්‍රහාරය එල්ල කලේ කවුරුන්ද යන්න තමන්ට නිශ්චිත වශයෙන් කිව නොහැකි බව උදිත ඉන්දික ගංහේවා මහතා පැවසිය.
පෙට්‍රල් බොම්බ ප්‍රහාරය එල්ල විම සම්බන්ධයෙන් සොයා බැලිමට නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජිව මහතාද එම ස්ථානයට පැමිණ සිටි අතර ප්‍රහාරය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ පවත්වයි.


2025 දෙසැම්බර් මස 30
129
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
755
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නාවලපිටිය නගර සභා නිලධාරීයකුගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්