නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ දිළිඳු ජනතාව නඟා සිටුවීම සඳහා සම්සම් පදනම විසින් වසර ගණනාවක සිට වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරයි. අධ්‍යාපන, සෞඛ්‍ය හා නිවාස ඒ අතර ප්‍රමුඛතා ගත් ඒවා වේ.
2016 වෙනුවෙන් නුවරඑළියේ අවම පහසුකම් සහිත නිවාස වල සිටි පවුල් 10කට ලක්‍ෂ 80ක් වියදම් කොට නිවසා 10ක් ඉදිකොට එම නිවාසවල සහතික පත් ප්‍රදානය 2016.11.29 වන දින නුවරඑළිය දිසා ලේකම් කාර්යාලයේ ශ්‍රවනාගාරයේදී සිදුකරන ලදී.
ජාතික ආගම් භේද නොබලා දිළිඳුකම පමණක් හේතුකාරණා කොටගෙන මෙම නිවාස ඉදිකර ප්‍රදානය කිරීමේ අවස්ථාවට බෞද්ධ, හින්දු හා ඉස්ලාම් ආගමික නායකයින් එක්වූ අතර, සම්සම් පදනමේ සභාපති අල්ශේක් යූසුප් මුජි මව්ලවිතුමාගේ ප්‍රධානත්වයෙන් නිවාස හිමි අයට සහතික පත් සිදුකිරීම සුවිශේෂි සිද්ධිය විය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.