IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නවනැලියේ තරුණිය ඝාතනය කළ ඥාති සහෝදරයා රිමාන්ඩ්

(අජිත්ලාල් ශාන්තඋදය සහ වයි.ඒ.එස්.වීරවංශ)

කල්තොට නවනැලිය, මොලමුරේදී 20 හැවිරිදි තරුණික ඝාතනය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් ඇගේ ඥාති සහෝදරයෙකු මේ මස 26දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බළන්ගොඩ වැඩබලන මහේස්ත‍්‍රාත් එම්.එම්.රාෆික් මහතා අද (14) නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ බළන්ගොඩ, නවනැලිය, රජවක ලිපිනයේ පදිංචි ජයසිංහ ආරච්චිලාගේ චරිත් දිනේෂ් ගුණසිංහ නැමැති 18 හැවිරිදි අයෙකි.

නවනැලිය, මොළමුරේ ලිපිනයේ පදිංචිව සිටි භාග්‍යා සෙව්වන්දි සේනාධීර නැමැති තරුණිය ඝාතනය කිරිම සම්බන්‍ධයෙන් මෙම තරුණයා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු තවත් පුද්ගලයෙක් සමඟ 12 වැනිදා රාත‍්‍රී යතුරු පැදියකින් රජවක දෙස සිට බළන්ගොඩ දෙසට ගමක් කරන අවස්ථාවේ වාහන පරීක්‍ෂා කිරීමේ නිරතව සිටි පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කල්තොට පොලීසියට බාරදී තිබුණි.

සැකකාර තරුණයාගෙන් කල්තොට පොලිසිය කළ ප‍්‍රශ්න කිරීම්වලදී භාග්‍යා සෙව්වන්දි තරුණියගේ මරණය සම්බන්‍ධයෙන් වැදගත් තොරතුරු රැසක් හෙළි කර ගැනීමට හැකි වූ බව බී වාර්තාවක් මගින් පොලීසිය අධිකරණය දැන්වීය.

භාග්‍යා සෙව්වන්දි තරුණිය පසුගිය 11 වැනිදා පෙරවරුවේ නිවසින් අතුරුදන්ව තිබුණි. 12 වැනිදා ඇගේ ප‍්‍රාණය නිරුද්ධ සිරුර නිවසට කිලෝමීටර් බාගයක් පමණ දුරින් පිහිටි නවනැලි ඔයේ තිබී හමුවිය. මළ සිරුර හමුවු ස්ථානයේ සුලූ වතුර ප‍්‍රමාණයක් තිබුණ අතර උඩුබැලි අතට තිබු සිරුරේ මුහුණ ජලයෙන් වැසී තිබුණි.

තරුණියගේ මරණය සිදුව ඇත්තේ ගෙලසිර කිරීමෙන් බව පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ බළන්ගොඩ මූලික රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා නිගමනය කළේය.

සැකකරුගේ පේ‍්‍රම සම්බන්‍ධයක් බිඳවැටීම නිසා ඇතිවූ අමනාපක් ඝාතනයට හේතුව වන්නට ඇතැයි සැකකෙරේ. තරුණියගේ නිවසේ සිට කිලෝ මීටර් භාගයක් දුරට ඇය කඳවාගෙන ගොස් ඇත්තේ දුරකතන අන්තර්ජාල සංඥා ඇති බව පෙන්වන මුවාවෙන් යැයි මේ වනවිට අනාවරණය වෙමින් පවතින බව ද පොලීසිය අධිකරණයට දැන්වීය.



අදහස් (0)

නවනැලියේ තරුණිය ඝාතනය කළ ඥාති සහෝදරයා රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 43 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 607 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site