IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


නවගත්තේගම මිනීමරු අලියා ඇල්ලීමේ මෙහෙයුමක්

(ජයරත්න වික්‍රමාරච්චි)
 
මිනිස් ජීවිත හා දේපළවලට අනතුරු සිදුකරමින් නවගත්තේගම මහමැද්දෑව සහ කිරිමැටියාව ඇතුළු ප්‍රදේශවල සැරිසරන මිනීමරු වන අලියකු ඇල්ලීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව පුත්තලම වනජීවී කලාප කාර්යාලය කියයි.

පසුගිය කාලයේ නවගත්තේගම ප්‍රදේශයේ වන අලි පහරදිමකින් සිදු වූ පුද්ගල මරණ 2 ක් හා එම ප්‍රදේශවල නිවාස ඇතුළු දේපල රැසකට හානි සිදු කිරීම මෙම අලියා විසින් සිදුකර  තිබේ.

අලියා අල්ලා ගැනීමෙන් පසුව හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට රැගෙන යාමට නියමිතය.

වනජීවී පශු වෛද්‍ය, වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ප්‍රධාන අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු ‍වෛද්‍ය ඒකකය, නවගත්තේගම සහ කරුවලගස්වැව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාල, පුත්තලම අලි පාලන ඒකකය, අනුරාධපුර සහ පොළොන්නරුව වනජීවී කාර්යාල මෙම අලියා ඇල්ලීමේ මෙහෙයුම සඳහා එක් වී සිටිති.



අදහස් (1)

නවගත්තේගම මිනීමරු අලියා ඇල්ලීමේ මෙහෙයුමක්

naradha Thursday, 07 December 2017 10:22 AM

මෙවැනි ජන ජීවිතයට හානි ගෙන දෙන අලින්ට මොකද කරන්නේ.?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 65 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2015 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site