(ඩී.කේ.රත්න)
තණමල්විල හම්බෙගමුව ප‍්‍රදේශයේ ජල පිරිපහදු මධ්‍යස්ථානයක සේවයේ නියුතුව සිටි නාවික හමුදා සෙබළෙකු අද (19) විදුලිසැර වැදීමෙන් මියගොස් ඇතැයි හම්බෙගමුව පොලීසිය පවසයි.
පානම නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවයේ යෙදී සිටින බුලූතොට සූරියකන්ද පදිංචි තම්මුණිගේ අජිත් තුෂාර කරුණාරත්න නැමති 34 හැවිරිදි නාවික හමුදා සෙබළෙකු මෙලෙස මිය ගොස් ඇත.
තණමල්විල හම්බේගමුව නෙතුමිණි රජමහ විහාරස්ථානය අසල ජලය පිරිපහදු කර ප‍්‍රදේශයේ ජනතාවට පිරිසිදු ජලය ලබාදෙන මධ්‍යස්ථානයක ආරක්ෂාවට සිටි මෙම නාවික සෙබළා එම ජල පිරිපහදු මධ්‍යස්ථානයේ කාර්මික දෝෂයක් සකස් කිරීමට යාමේදී මෙම අනතුරට ලක්වී තිබේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.