IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නාවික සෙබළු සමඟ සබඳතා පැවැත්වූ බදුල්ලේ 81 ක් නිරෝධායනයට

(එෆ්.අස්ලම්)

කොරෝනා වයිරසය ආසාදනය වූ වැලිසර නාවික හමුදා සාමාජිකයා සහ එම කඳවුරේ සිට නිවාඩු ලබා පැමිණි නාවික හමුදා සාමාජිකයින් සමඟ සබඳතා පැවැත්වූ බදුල්ල දිස්ත්‍රික්කයේ  81 දෙනෙකු මේ වනවිට ස්වයං නිරෝධායනයට ලක්කර තිබෙන බව බදුල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය රොහාන් මාපා මහතා පැවසීය.

පසුගිය 22 වනදා හමුදා සාමාජිකයින්  31 දෙනෙකුගෙන් යුත්  නාවික හමුදාවට අයත් බස් රථයකින් පැමිණ  බදුල්ල නගරයෙන් බැස ගම්බිම් බලා ගිය  හමුදා සාමාජිකයින් පිරිස අතරින් ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි හමුදා සාමාජිකයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි 25 වැනිදා තහවුරු විණි.

එම හමුදා සාමාජිකයා මෙන්ම  බදුල්ල දිස්ත්‍රික්කයට පැමිණි සෙසු  නාවික හමුදා සාමාජිකයින් හමුවූ සහ   සබධතා පැවැත්වූ 81 දෙනෙකු හදුනාගෙන  මේ වන විටත් ඔවුනව ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙන බවද අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

ඒ අනුව වැඩිම පිරිසක් ස්වයං නීරෝධායනය කර ඇත්තේ මහියංගණය රිදීමාලියද්ද ප්‍රදේශයේ වන අතර එම පිරිස 13කි . එමෙන්ම හාලිඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සීමාවේ 11 දෙනෙකුත් , හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සීමාවේ 10 දෙනෙකුත් , කොරෝනා  ආසාදිතයකු යැයි තහවුරු වූ නාවික හමුදා සාමාජිකයා පදිංචි ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශයේ 05 දෙනෙකුත්  ඇතුළු 81 දෙනකු නිරෝධායනය කර තිබෙන බවද පැවසීය.

බදුල්ල දිස්ත්‍රික්කය තුළ වයිරසය ව්‍යාප්ත විම යම් අවදානම් මට්ටමක පැවතියත් එම අවදානම් තත්වය  මේ වන විට තත්වය විශාල වශයෙන් පාලනය කර ගෙන තිබෙන බවද හෙතෙම කීය.

තවද බදුල්ල දිස්ත්‍රික්කයේ ස්වයං නිරෝධායනය කර සිටින පුද්ගලයින්ගේ සාම්පල ලබා ගැනීම සඳහා බන්ඩාරවෙල,දියතලාව,වැලිමඩ, මහියංණය,රිදීමාලියද්ද සහ ගිරාදුරුකෝට්ටේ යන මූලික හා දිසා  රෝහල්වල  විශේෂ කාර්ය මණ්ඩලයක් පුහුණු කර සිටින  බවත් ඒ අනුව එම රෝහල් වලදීම සාම්පල ගෙන PCR  පරීක්ෂන සඳහා යොමුකරන බවත්  එය ජනතාවගේම පහසුව තකා ගනුලැබූ ක්‍රියාමාර්ගයක් බවත් අධ්‍යක්ෂවරයා සඳහන් කළහ.

එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කය මෙපමණ කාලයක් පාලනය කරගත් ආකාරයටම වෛරස ව්‍යාප්තිය  පාලනය වීමට නම් ජනතාව සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව කටයුතු කිරීම ඉතාමත් වැදගත් බවත් නිරන්තරයෙන් මුඛ ආවරණ පැළද සිටීම,නිරන්තරයෙන් දෑත් සේදීම , සමාජ දුරස්ථභාවය රඳවා ගැනීම සහ හැකි සෑම විටම නිවෙස් තුළට වී සිටීම ඉතා වැදගත් බවද හෙතෙම අවසන් වශයෙන් කීය.

මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයට පැමිණි සියළුම ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සම්පල ගෙන PCR පරීක්ෂණ සදහා යොමුකිරීම අද (27) බදුල්ල වින්සන්ඩයස් ක්‍රීඩාංගණයේදී සිදුකිරීමට කටයුතු සූදානම් කර තිබුණත්  නිවාඩු ලබාගිය සියළුම ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අද (27) වනදා සිය කදවුරු වෙත නැවත ගෙන්වා ගැනීමට පියවර ගැනීමත් සමඟ එම පරීක්ෂණය  අවලංගු කිරීමට පියවර ගැණිනි.

 



අදහස් (0)

නාවික සෙබළු සමඟ සබඳතා පැවැත්වූ බදුල්ලේ 81 ක් නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 651 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 317 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1106 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site