(පද්මා කුමාරී කංකානම්ගේ)
නොරොච්චෝල නාවක්කාඩුව වෙරළ තීරයේ තිබී බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1080 ක් සහිත ගෝනි 30 ක් අද (14) සොයා ගත් බව නොරොච්චෝල පොලිසිය පවසයි.
මෙම බීඩී කොළ ඉන්දියාවේ සිට නීතී විරෝධීව මුහුදු මගින් මෙරටට ගෙන්වා ඇති බවත් යම් අයෙකුට භාර දීමේ අරමුණින් මෙසේ වෙරළට ගොඩ බාන්නට ඇති බවත් පොලිසිය කීය.
කල්පිටිය මුහුදු තීරය ඔස්සේ කාලයක සිට ඉන්දියාවෙන් බීඩී කොළ ගෙන්වීමේ ජාවාරමව සිදුවන බවත් පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් බීඩී කොළ තොගය රේගුව වෙත භාර දීමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd