IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


නිරෝධායනය වූ තවත් පිරිසක් යාපනය මධ්‍යස්ථානයෙන් පිටව යති

(  සිතුම් චතුරංග)

කොරෝනා ව්‍යාප්තවීමත් සමඟ කොළඹ කෙසෙල්වත්ත , බණ්ඩාරනායක මාවතේ සිට යාපනය යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකළ 378 පිරිසක් නිරෝධායනය අවසන්වීමෙන් අනතුරුව අද(09) නිවෙස්වෙත පිටවගිය බව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය පවසයි.

යාපනය විදට්ටපලෙයි නිරෝධායන මධ්‍යස්ථානයේ හා යාපනය 55 වන සේනාංකයටඅයත්  කිලිනොච්චිය අයියකච්චි යුද හමුදා කඳවුරේ සාර්ථකව නිරෝධායනය අවසන් කළ පිරිස් එළෙස පිටවගිය බව පැවසීය
 

විදට්ටපලෙයි නිරෝධායන මධ්‍යස්ථානයේ 298 පිරිසක් ද ,  අයියකච්චි යුද හමුදා කඳවුරුතුල නිරෝධායනයවූ 80 පිරිසක්ද නිරෝධායනය අවසන්කොට පිටව යන අතර ඔවුන්ගෙන් පිරිමි පුද්ගලයින් 188 හා කාන්තාවන් හා කුඩාදරුවන් 190 වන බවද පැවසීය.

කොවිඩ් - 19 ආසාධිත පුද්ගලයින් හමුවීමත් කෙසෙල්වත්ත, බණ්ඩාරනායක මාවතේ පදිංචිව සිටි මෙම පිරිස  ඇතුළු තවත් පිරිසක්  පසුගිය 22 වැනිදා උතුරේ යුද හමුදා කඳවුරුවෙත නිරෝධායනය සඳහා යොමුකෙරිණි.
 

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය මහතාගේ අධීක්ෂණය යටතේ දින 17 කාලයක් මෙම නිරෝධායනයවූ අතර ඔවුන් හට පී.සී.ආර් ජෛවසාම්පල පරීක්ෂණයද සිදුකොට තිබූ අතර එම පරීක්ෂණවලින් නිරෝධායනය අවසන්කොට පිටවයන මෙම පිරිසට කොවිඩ් - 19 වෛරසය අසාදනය නොවී ඇති බවට තහවුරුවී ඇති බව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වැඩිදුරටත් පැවසීය.නිරෝධායනය අවසන් කළ පිරිස් විසින් හමුදාවට ස්තූතිය පලකරමින් නිර්මාණය කළ සිතුවම් කිහිපයක්ද යුද හමුදාව වෙත ප්‍රදානය කෙරුණු අතර සිතුවම් ප්‍රදර්ශනයක්ද විදට්ටපලෙයි නිරෝධායන මධ්‍යස්ථානයේ පැවැත්විණි.
 
නිරෝධායනය අවසන්කළ පිරිස් වෙත නිරෝධායනය අවසන්කළ සහතිකපත් ප්‍රධානය කිරීම සඳහා යාපනය ආරක්ෂක සේනා අඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය , 55 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් සම්පත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
 


 



අදහස් (0)

නිරෝධායනය වූ තවත් පිරිසක් යාපනය මධ්‍යස්ථානයෙන් පිටව යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 183 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 251 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1131 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site