(ඉන්දිකා රාමනායක)
කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ප‍්‍රධාන ලිපිකාරිනිය අද (15) පෙරවරුවේ පිටකොටුව ඕල්කට් මාවත අසලදී බස් රථයක ගැටී මියගොස් ඇති බව පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ රාගම, බටුවත්තේ පදිංචිකාරියක් වන පුෂ්පා ඉන්ද්‍රානි නැමැති අය වන අතර ඇය බව පොලිසිය පවසයි.
මෙම කාන්තාව අද පෙරවරු 8.00 ට පමණ ඕල්කට් මාවතේ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වෙත යාමට පාර හරහා මාරුවෙමින් සිටියදි ඉහත බස් රථයේ ගැටී ඇති බවද පොලිසිය කියයි.
එම බස් රථය පෞද්ගලික බස් නැවතුම්පොළ බලා ධාවනය වෙමින් තිබියදී මෙම අනතුර සිදුව ඇත.
සිද්ධියෙන් පසු සැකකාර බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
පිටකොටුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd