කීර්ති ප්‍රනාන්දු
මිනුවන්ගොඩ දෙමටගොල්ල ගාලේකඩේ ප්‍රදේශයේ දී නාන ළිඳකට වැටීමෙන් මියගොස් සිටි පුද්ගලයකුගේ මළ සිරුරක් අද (10) හමු වු බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ කටුනායක මඩවල පදිංචි 57 හැවිරිදි දෙදරු පියෙකි. ඔහු විවිධ ප්‍රදේශවල බේකරිවල වැඩ කළ පාන් බාස් කෙනෙකු බව පොලිසිය කියයි.
මරණකරුගේ අනන්‍යතාවය සහ අනෙකුත් තොරතුරු ලබා ගැනීම සඳහා ඔහුගේ බිරිඳට පොලිසිය මගින් දන්වා ඇතත් අද (10) සවස් වන තුරුම පවුලේ කිසිදු අයෙක් ඉදිරිපත් නොවු බවද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd