(දයාරත්න ඇඹෝගම)
නිධන් වස්තු ලබා ගැනීමේ අරමුණෙන් හොරොව්පොතාන ආනඹලොන්දැව රජයේ රක්ෂිතයේ කැණිම් කරමින් සිටි පුද්ගලයන් හය දෙනෙකු අද (29) කැබිතිගොල්ලැව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් පස් දෙනෙකු හා දැකැතිපොතාන පදිංචිකරුවෙකි.
කැබිතිගොල්ලෑව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් ලද තොරතුරක් මත මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
පොළවේ කැණීම් සඳහා භාවිතාකළ උදළු, අලවංගු, මිටි වැනි ආයුධ සහ පුජා භාණ්ඩ ද සැකකරුවන් සමඟ අත්අඩංගුවට ගෙන තිබිණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (29) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd