(කුෂාන් ජයවර්ධන)
කැකිරාව කොරසගල්ල ප්‍රදේශයේ නිවසක් අසළ නිධන් සොයා කැණීම් කළ පුද්ගලයින් 6දෙනෙකු අද (13) අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය කියයි.
අත්අඩංගුවට පත් සැකකරුවන් කැකිරාව, කොරසගල්ල, රත්නපුර කුරුණෑගල ආදී ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය කියයි.
පොලිසිය ලද තොරතුරක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
කැණීමට භාවිත කළ උපකරණ සහ පූජා භාණ්ඩ රැසක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුවන් හා නඩු භාණ්ඩ හෙට(14) කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.