ත්‍රිකුණාමලය, කඩකරච්චේනෙයි ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 09 දෙනෙකු නාවික හමුදා නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 40, 44, 43, 27, 25, 21, 20 සහ 19 වන වියෙහි පසුවන කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.
ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක් සහ නීති විරෝධී ධීවර දැලක් නාවික හමුදා භාරයට ගෙන ඇත.
සැකකරුවන් සහ ධීවර ආම්පන්න පරීක්ෂණ කටයුතු සඳහා මූතුර්, ධීවර පරීක්‍ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.
(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.