(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කාන්තාවන්ගේ සරු භාවය කෙරෙහි අහිතකර බලපෑමක් ඇතිකරන්නේ යැයි කියන පෙති 70 ක් සමඟ පුද්ගලයකු මිල්ලනිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලිසිය කියයි.
මිල්ලනිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ඖෂධ හලක් සඳහා බැන්ඩේඡ් සපයන මුවාවෙන් කිසියම් නීති විරෝධි කටයුත්තක නිරතවන බවට සැකයක් පවතින බවට මිල්ලනිය පොලිසියේ නිලධාරියෙකුට ලද තොරතුරකට අනුව වැටලීම කළ බව පොලිසිය කියයි.
සැකකරු අත්අඩංගුවට ගෙන කරන ලද පරීක්ෂාවකදී ඔහු සන්තකයේ තිබී පෙති අඩංගු පැකට් දෙකක් හමු වූ බව පොලිසිය කියයි.
සැකකරුගේ නිවසේ කළ සෝදිසි මෙහෙයුමකදී එවැනි පෙති 64ක් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා බයානක තත්ත්වයක් නිර්මාණය වන බව පෙනේ...