IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


නීතී විරෝධි අවි ආයුධ කම්මලක් වටලයි

(අනීෂා මානගේ)
නීති විරෝධී අන්දමින් ගල්කටස් වර්ගයේ ගිනි අවි බෙහෙත් කොටන තුවක්කු, කඩු ඇතුළු අවි ආයුධ  නිෂ්පාදනය කර අලෙවි කරන බව කියන කම්මලක් වටලා එම කම්මලේ සහායකවරයා අත්අඩංගුවට ගැනීමට අඟුණකොළපෑළැස්ස පොලිස් ස්ථානයේ නිලධාරීහු අද(15) සමත් වූහ.
 
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අඟුණකොළපෑලැස්ස උස්වැව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයකු බව නිලධාරීහු කියති.මොහු කම්මලේ සහායකවරයා ලෙස සේවය කළ පුද්ගලයා බව පොලිසිය කියයි.

අඟුණකොළපෑළැස්ස උස්වැව මිලක්කතිස්ස ප්‍රදේශයේ පිහිටි කම්මලක් වටලා මෙම අවි ආයුධ සොයාගැනීමට නිලධාරීහු සමත්වූහ.

බෙහෙත් පුරවන ලද බෙහෙත් කොටන වර්ගයේ තුවක්කුවක්, බෙහෙත් පුරවන ලද බඳින තුවක්කු දෙකක්, බෝර දහසය පතුරොම් යොදන ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, බෝර දහසය වර්ගයේ ජීව පතුරොමක්, මරුවැල්වලට උපයෝගී කරගන්නා සිහින් කම්බි, අහස් කූරු, උණ්ඩ සකස් කිරීමට යොදාගන්නා ඊයම් කිලෝග්‍රෑම් 2ක් පමණ, කඩුවක්, ආයුධ නිශ්පාදනය කිරීමට යොදාගත් බව කියන උපකරණ රැසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම කම්මලේදී නිශ්පාදනය කරන අවි ආයුධ රුපියල් දහසත් දසදහසත් අතර මිලකට අලෙවි කර ඇති බවට තොරතුරු අනාවරණය කර ගත් බව පොලිසිය කියයි. මෙම අවි ආයුධ මිලදී ගත් පුද්ගලයන් සම්බන්ධයෙන්ද තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර එම පුද්ගලයන් සහ කම්මලේ හිමිකරු අත්අඩංගුවට ගැනීමට නිලධාරීහු පරීක්ෂණ සිදුකරති.

 



අදහස් (0)

නීතී විරෝධි අවි ආයුධ කම්මලක් වටලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 267 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 404 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site