(ටී.කේ.ජී.කපිල )
නිසි අවසර පත්‍ර නොමැතිව සිංගප්පූරුවේ සිට මෙරටට රැගෙන ආ ජීවී මත්ස්‍යයින් තොගයක් කටුනායක ගුවන් තොටුපොළේ දී අද (13) රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.
මොහු ගාල්ල - මහමෝදර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු විසින් රැගෙන පැමිණ තිබූ ගමන් මලු දෙකක රුපියල් 3,20,000 ක් වටිනා ඇරවානා වර්ගයේ මත්ස්‍යයින් 10 ක් සහ කොයි කාෆ් වර්ගයේ මත්ස්‍යයින් 14 දෙනෙකු නීතිවිරෝධී ලෙස රැගෙන විත් තිබුණි.
මෙම මත්ස්‍යයින් තොගය කටුනායක ගුවන් තොටුපොළ සත්ව නීරෝධායන ආයතනයේ නිලධාරීන් වෙත ඉදිරිපත් කළ අතර එහිදී 1992 අංක 59 දරන සත්ව සෞඛ්‍ය ආරක්ෂණ පනත යටතේ මෙම මත්ස්‍යයින් තොගය සිංගප්පූරුව වෙත ප්‍රති අපනයනය කිරීමට පියවර ගෙන තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd