(ටී.කේ.ජී.කපිල)
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ලාඕස ජාතික ගුවන් මගියකු අද (8) අලුයම කටුනායක ගුවන් තොටුපළේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
රුපියල් කෝටි හතරක් පමණ වටිනා මෙතැම්පටමයින් නැමැති රසායනික විද්‍යාත්මක නාමයෙන් මෙම මත්ද්‍රව්‍ය හඳුන්වයි.
ඔහු විසින් ගෙන ආ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක වෙනම පාර්සල් ලෙස කිලෝ ග්‍රෑම් 2 යි ග්‍රෑම් 623 ක් බර මෙම මෙතැම්පටමයින් මත්ද්‍රව්‍ය තොගය සඟවා ගෙන තිබියදී ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන අත්අඩංගුවට ගැණිනි.
මෙම ලාඕස ජාතිකයා සමඟ මෙතැම්පටමයින් මත්ද්‍රව්‍ය තොගය අද (8) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd