(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
විදේශයක සිට ආනයනය කරන ලද නීතිවිරෝධී දුම්වැටි 1200 ක් සමග පුද්ගලයෙක් ගිනිගත්හේන පොලීසිය විසින් කළුගල පොලිස් මාර්ග බාධකයේ දී අද (18) අත්අඩංගුවට ගනු ලැබීය.
දුම්වැටි තොගය වෙළඳසල්වලට විකිණීමට ගෙන යමින් සිටයදී අත්අඩංගුවට ගත් බවත්, නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි සැකකරු මෙම මස (22) වැනිදා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමට නියමිත බවත් ගිනිගත්හේන පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd