(ටී.කේ.ජී.කපිල )
විශාල පෙට්ටි දෙකක් තුළ සඟවා නීතිවිරෝධී ලෙස ඩුබායි සිට ලංකාවට එවා තිබූ දුම්වැටි තොගයක් අද (18) වත්තල ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.
මෙම ගබඩාව තුළ වසරක පමණ කාලයක් රැගෙන ගොස් නොතිබුණු මෙම විශාල පෙට්ටි දෙක පිළිබඳව අවධානය යොමු කළ රේගු නිලධාරීවරයකු එය විවෘත කර පරීක්ෂා කර බැලීමේදී මෙම දුම්වැටි තොගය හමුවී තිබේ.
විදේශයේ නිෂ්පාදිත දුම්වැටි 55,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 622 ක් තිබූ අතර ඒවායේ වටිනාකම රුපියල් 6,620,000 ක් බව රේගුව පවසයි.
මෙම පෙට්ටි එවා තිබූ ලිපිනය ව්‍යාජ එකක් බවත් මේ වනතුරුත් මෙම පෙට්ටි සඳහා කිසිදු අයිතිකරුවෙකු ඉදිරිපත් නොවූ බවත් රේගුව වැඩිදුරටත් පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd