(සුමතිපාල දීයගහගේ)
නීති විරෝධි ලෙස මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනිඅවියක් සමග සැකකරුවෙකු ඌරගහ ලේනගලදී අත්අඩංගුවට ගත් බව ඌරගස්මංහන්දිය පොලිසිය පවසයි.
ඔහු ඌරගහ ලේනගල පදිංචි සැකකරු 56 හැවිරිදි පුද්ගලයෙකි. මෙම ගිනිඅවිය කිසියම් අපරාධයක් සඳහා යොදා ගෙන ඇද්ද කියා සොයා ගැනීමට පොලිසිය පරික්ෂණ ආරම්භකර තිබේ.
සැකකරු සහ ගිනිඅවිය අද (16) ඇල්පිටිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.