IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නීතිවිරෝධී උපන්දින සාදයක් පැවැත්වූයේ යයි දඩ


(ප්‍රියාණි මංගලිකා)
     
කොරෝනා  වසංගත තත්වය රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින සමයේ උත්සව තහනම් කර තිබියදී ,නීති විරෝධී ලෙස උපන් දින මත්පැන් සාදයක් පැවැත් වූ සැකකරුවෙකුට රුපියල් 10,000 ක දඩ මුදලක් ගෙවන ලෙස නිකවැරටිය මහේස්ත්‍රාත් සසිකා ලක්මාලි දසනායක මහත්මිය අද (12) නියෝග කළාය.

මෙලෙස දඩ නියම කෙරුණේ නිකවැරටියේ ව්‍යාපාරිකයකුටය. මොහුට අධිකරණයේ දී තරයේ අවවාද කෙරිණි .                
මෙම ව්‍යාපාරිකයා මෙලෙස  තම සිඟිති දරුවාගේ උපන් දිනය සමරා  මත්පැන් සාදය පවත්වා ඇති බවද ,එම සාදයට සහභාගී වූ පොලිස් නිලධාරීයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට පසුව වෛද්‍ය වාර්තා වලින් තහවුරු වූ බවද ,නිකවැරටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන් අධිකරණයට කරුණු දක්වමින් පැවසීය .

ඒ අනුව සාදය පැවැත්වූ ව්‍යාපාරියාගේ පවුලේ අය ඇතුළුව පවුල් 36 ක් පමණ නිරෝධායනයට ලක් කරමින් ,සිදු කළ පී.සී.ආර්.පරීක්ෂණ වලදී ,මත් පැන් සාදය පැවැත්වූ මෙම ව්‍යාපාරිකයාටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට වෛද්‍ය වාර්තා වලින්  තහවුරු වූ බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් පැවසීය .

නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  වෛද්‍ය ගාමිණී එදිරිසිංහ මහතාගේ උපදෙස් අනුව ,පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සී.එස්.කේ.ජයසුන්දර මහතා ගේ මෙහෙයවීමෙන් ,මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන් වන ආර්.එම්.සී.පී.බංඩාර ,ඩී.එම්.දයාරත්න,ආර්.ඒ.එස්.ආරියවංශ  යන නිලධාරීන් පරීක්ෂණ සිදු කෙරිණි.



අදහස් (0)

නීතිවිරෝධී උපන්දින සාදයක් පැවැත්වූයේ යයි දඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 104 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 366 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site