(ටී.කේ.ජී.කපිල)
දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනකු අද(03) කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.
මොවුන් දෙදෙනා රාගම සහ අංගොඩ ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි වියේ පසුවෙති.
ඔවුන් ඩුබායි සිට ඕමානයේ මස්කට් වෙත පැමිණ , එතැන් සිට ඕමාන ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි.- 381 දරන ගුවන් යානයෙන් අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.
ඔවුන් සතුව රුපියල් 2,280,000 ක් වටිනා විදේශ රටක නිෂ්පාදිත දුම්වැටි 25,720 ක් අඩංගු , දුම්වැටි කාටූන් 123 ක් තිබූ බව ද ජයර්තන මහතා කියයි.
අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් ඩී.ජී.සේනානායක මහතාගේ උපදෙස් මත, ගුවන් තොටුපළ රේගු අධ්‍යක්ෂ ආර්.බී.ගන්කේවෙල මහත්මියගේ අධීක්ෂණය යටතේ, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ කේ.එච්.පී.කුමාරසිරි, රේගු අධිකාරීවරුන් වන පී.වී.ධර්මප්‍රියන්ත, ඩබ්ලිව්.කේ.ඩී.බී. සුමිත්, සහකාර රේගු අධිකාරීවරුන් වන කේ.කේ.එස්.මධුෂාන්, කේ.පී. එස්.එස්.සමරසේකර, ඩී.ජී.බී.ගුණේන්ද්‍ර, යූ.ජේ.එච්.එම් බී.ජයසිංහ සහ ආර්.එම්.රාෂීන් යන මහත්වරු මේ පිළිබඳව වැඩිදුරට විමර්ශන කටයුතු පවත්වති.


2025 නොවැම්බර් මස 04
34
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2001
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1555
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නීතිවිරෝධීව දුම්වැටි ගෙනා අදෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට