( ප්‍රියානි මංගලිකා )
නිකවැරටිය රෝහලෙන් මේවන විට මී උණ රෝගීන් හය දෙනෙකු වාර්ථා වන බව නිකවැරටිය මූලික රෝහල් වෛද්‍ය අධිකාරී අමිල මධුරාගොඩ මහතා අද (15) පැවසීය .
නිකවැරටිය සහ අවට පෙදෙස් වල මේ දිනවල කුඹුරු වැඩ ආරම්භව ඇති බැවින් ,කුඹුරු වලට බැසීමට පෙර ,මී උණ සඳහා ලබා දෙන ප්‍රතිජීවක ඖෂධ ලබාගන්නා ලෙස වෛද්‍ය අධිකාරී වරයා එම ජනතාවට දැනුම් දී සිටී.
මී උණ වලකන මෙම ප්‍රතිජීවක ඖෂධය කුඹුරු වලට බැසීමට පෙර සහ සතියකට වරක් භාවිතා කලයුතු අතර මෙම ඖෂධය රෝහලෙන් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් නොමිලේ ලබාගත හැකි බවද ,වෛද්‍ය අධිකාරී වරයා පවසයි.
කුඹුරු වලට පමණක් නොව ගඩොල් කර්මාන්තය වැනි ජලය ඒකරාශි වන ස්ථාන වලද මී උණ රෝග අවධානම පවතින බවද වෛද්‍ය අධකාරී වරයා අවධාරණය කරයි.
ගොවීන් තම අත් පා වල තුවාල ඇත්නම් කුඹුරු වලට නොබසින ලෙසද, කුඹුරු ජලයෙන් මුහුණ ,කට,සිරුර සේදීමෙන් වැලකී සිටිය යුතු බවද ,උණ රෝගයක් වැලඳුන වහාම රජයේ රෝහලකින් ප්‍රතිකාර ලබාගන්නා ලෙසද ,කුඹුරු වැඩවල නිරත වූ බව අනිවාර්යයෙන්ම වෛද්‍ය වරයාට පැවසිය යුතු බවද වෛද්‍ය අධිකාරී වරයා ජනතාවට අවධාරණය කර සිටී.
2025 දෙසැම්බර් මස 04
266
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
404
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නිකවැරටිය රෝහලෙන් මී උණ රෝගීන් හයක්