IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


දළ ඇතකු පහරදීමෙන් අයෙක් මරුට

(ගල්කිරියාගම කුෂාන් ජයවර්ධන)
ගල්කිරියාගම අලුත්වැව ප්‍රදේශයේ ගෙවත්තකට පැමිණි දළ ඇතකු පහරදීමෙන් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මිය ගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් වූ මරණ පරීක්ෂන කටයුතු අද 08 සිදු කෙරිණි.

ගල්කිරියාගම පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශණ මෙහෙයවනු ලබයි.

මියගොස් ඇත්තේ අලුත්වැව පහමිණීයාගම ගල්කිරියාගම යන ලිපිනයේ පදිංචිව සිටි මැදගොඩආරච්චිගේ ධර්මසේන නමැති දෙදරු පියෙකි. මරණකරු පදිංචිව සිටි නිවසට මීටර් 15ක් පමණ දුරින් නිවස පසුපස දී ඔහු දළ ඇතාගේ පහර කෑමට ලක්ව තිබේ. ඔහු අත තිබූ විදුලි පන්දමද දළ අලියා බිමපාගා කුඩු කර දමා තිබේ. මෙම පුද්ගල ඝාතනයෙන් පසු එම දළ ඇතා ගෙවත්තේ පිහිටි විශාල ගස් කිහිපයකටද දළ පහර එල්ල කර ඇති අතර පොළොවේ සිට අඩි10ක් පමණ උසින් එම දළ පහරවල් දැකිය හැකිව තිබිණි.

කලාවැව ජාතික උද්‍යානයේ සිට ගම්වැදුණු භරණ නම් වූ දළ ඇතකු මෙම පහරදීම සිදුකර ඇති බව ප්‍රදේශවාසීහු පවසති. කලාවැව ජාතික උද්‍යානය වටා ඇති විදුලි වැට ගල්කිරියාගම දෙන්නෑව ප්‍රදේශයේදී බිඳ දමා ඊයේ 07 රාත්‍රීයේදී ගම්වැදුණු බව ගම්වාසීහු පවසති.

විදුලි වැට කඩාගෙන පැමිණ ඇති එම දළ ඇතා මියගිය පුද්ගලයා  පදිංචිව සිටි නිවසේ ගෙවත්තට අද 08 උදෑසන පැමිණ ඇති අවස්ථාවේ එම ඇතා පලවා හැරීමට ගිය අවස්ථාවේ එම පුද්ගලයා දළ ඇතාගේ පහරකෑමට ලක්වන්නට ඇතැයි පොලිසිය අනුමාන කරයි.

නැගෙනහිර උඳුරව කෝරලයේ හදිසි මරණ පරීක්ෂක ටී.බී.ඉලංගසිංහ මහතා විසින් එම මරණය සම්බන්ධයෙන් වූ මරණ පරීක්ෂණය අද 08 දහවල් පැවැත්වීය. දඹුල්ල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ඇ.මේනකාන්ත් මහතා ද අද දහවල් එම ස්ථානයට පැමිණි සිය මූලික විමර්ශණ කටයුතු සිදු කළේය. හදිසි මරණ පරීක්ෂකවරයාගේ නියමය අනුව සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා දඹුල්ල මහ රෝහල වෙත යොමු කිරීමට ගල්කිරියාගම පොලිසිය අද 08 දහවල් කටයුතු කර කළේය.

මෙම මරණය සිදුකළ දළ ඇතා මේ වනවිට ඒ ආසන්නයේ වනයක රැඳී සිටින බවට ගම්මුන් කළ හෙලිදරව්වක් අනුව එම දළ ඇතා කලාවැව රක්ෂිතයට පලවා හැරීමට පලාගල ප්‍රාදේශීය ලේකම් අතුල සෙනරත් බණ්ඩාර මහතා ගල්කිරියාගම වනජීවී කාර්යාලයට හා වයඹ වනජීවී සහකාර අධ්‍යක්ෂවරයාට ද දැනුම් දී තිබේ.

 

ගම්වැදී සිටින දළ ඇතා කලාවැව ජාතික උද්‍යානයට පන්නා දැමීමට කටයුතු කරමින් සිටින බවත් මිය ගිය අය වෙනුවෙන් වන්දි මුදල් ලබා දීමට ද පියවර ගනිමින් සිටින බවයි.



අදහස් (1)

දළ ඇතකු පහරදීමෙන් අයෙක් මරුට

Simith Saturday, 08 December 2018 05:36 PM

පව් අහංසක මනුස්සයෙක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 450 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 458 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 414 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site