සුජිත් හේවාජුලිගේ
දෙහිවල සත්ත්වෝද්‍යානය පෙරේදා (25) සෙනසුරාදා දිනයේ රුපියල් විසි ලක්ෂයකට වැඩි ආදායමක් උපයා ගෙන ඇත.
පාසල් නිවාඩු සමයේ දී දෙහිවල සත්ත්වෝද්‍යානය වැඩිම ආදායම ලැබු දිනය මෙය බව එහි අධ්‍යක්ෂිකා ධම්මිකා මල්සිංහ මහත්මිය පැවසුවාය.
සත්ත්වෝද්‍යානය පෙරේදා දහවල් කාලයේ දී රුපියල් 21,58,740 ක ද රාත්‍රී වැඩසටහන් මගින් රුපියල් 46,800 ක ද ආදායමක් උපයා ගන්නා ලදැයි අධ්‍යක්ෂකවරිය කීවාය.
සත්ත්වෝද්‍යානය පෙරේදා දිනයේ උදේ 8.30 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතව පැවතිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd