(ක.ගකරුණාරත්න)
දෙහිඅත්තකන්ඩිය,සඳුන්පුර ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි එකම පවුලේ පියා සහ දරුවන් දෙදෙනෙකුට මරු කැඳවමින් ඊයේ (14) ටිපර් රථයක ගැටී සිදුවූ අනතුරෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 05 හැවිරිදි පිරිමි දරුවා අද (15) ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය කියයි.
අනතුරින් තුවාල ලැබූ දරුවාගේ මව පොලොන්නරුව මහ රෝහලේ සිට වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර මහ රෝහලට මාරුකර යවා ඇත.
දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ඇයගේ තත්ත්වයද බරපතළ බව රෝහල් ආරංචි මාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව්ලක්ම වැනසූ මේ අනතුර ගැන කිසි කෙනෙක් කතා නොකරයි.