(වජිර ප්‍රසන්න)
සුළු සේවක හිඟයට විසඳුමක් නොදීම සහ සම්පත් බෙදා දීමේ ගැටළුවලට විරෝධය දක්වා දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ වෛද්‍යවරුන් අද (06) වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.
වර්ජනය හේතුවෙන් බාහිර රෝගී ප්‍රතිකාර සහ අද දිනට නියමිතව තිබූ සායන සියල්ල නතර වී ඇත.
රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ දෙහිඅත්තකණ්ඩිය ශාඛාවේ සභාපති මධුෂාන් අනුරංග මහතා මෙසේ කරුණු පැහැදිලි කළේය.
“සුළු සේවක හිඟය නිසා වෛද්‍යවරු මෙන්ම ප්‍රදේශයේ රෝගී ජනතාවත් දැඩි අසීරුතාවයකට පත් වෙනවා. මේ රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය 150ක් සිටිය යුතු වුවත් දැනට සේවය කරන්නේ 75 දෙනෙකු පමණයි. රෝහලේ ඇති අඩුපාඩු පිළිබඳව අපි අදාල බලධාරීන් දැනුවත් කර තිබෙනවා. තවම කිසිම විසඳුමක් නැහැ. ඒ ශ්‍රේණියේ මූලික රෝහලක් වූවත් අපට තිබෙන්නේ ගිලන් රථ දෙකයි. පසු ගිය කාලයේ නැගෙනහිර පළාත් සභාවට ලැබුණ ගිලන්රථ 7න් 5ක්ම කල්මුණේ කුඩා රෝහල්වලට බෙදා දුන්නා. අපිට එකක්වත් ලබා දුන්නෙ නැහැ. අපිට හදිසි අවස්ථාවලදී ගිරාදුරුකොට්ටේ, අරලගංවිල වැනි ප්‍රාදේශීය රෝහල්වලින් ගිලන්රථ කැඳවීමට සිදුවෙලා. සේවකයෝ ධූරාවලිය ඉක්වා ගොස් සෞඛ්‍ය ලේකම්වරයාගෙන් නීතියට පටහැනිව වැඩ කර ගන්නවා. මේ සියල්ලට විරෝධය දක්වා අද දින මෙම වර්ජනය ආරම්භ කළා. මේ ගැටළුවලට විසඳුමක් නොලැබුණොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යෑමට අපි සූදානම්”
මෙම වර්ජනය පිළිබඳව දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි මහේෂ් දහනායක මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා පැවසුවේ වර්ජනය ක්‍රියාත්මක වූවත් රෝහලේ හදිසි ප්‍රතිකාර සේවා සහ නේවාසික රෝගී සත්කාර සේවාව සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවයි.

2025 දෙසැම්බර් මස 04
506
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
474
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ වෛද්‍යවරුන් වැඩ වර්ජනයක