IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


දිවුලපිටියේ යාච්ඥා මධ්‍යස්ථානයකට ගම්මුන්ගේ විරෝධය

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

දිවුලපිටිය-හොරගස්මුල්ල ප්‍රදේශයේ නිත්‍යානුකූල නොවන අන්දමින් පවත්වාගෙන යන යාච්ඥා මධ්‍යස්ථානයක් නිසා තමන් මහත් සේ පීඩාවට පත්ව ඇති බවට චෝදනා කරමින් ප්‍රදේශවාසීහු  හා ප්‍රදේශයේ මහා සංඝරත්නය අද ( 6) දහවල් එම මධ්‍යස්ථානයට පැමිණ විරෝධය පළ කළහ.

මේ විරෝධතාවය නිසා එම මධ්‍යස්ථානයේ කටයුතු වහා නවතා දමන ලෙසට උපදෙස් දුන් පොලිසිය ඒ පිළිබදව අධිකරණ ක්‍රියා මාර්ග ගන්නා බව දැනුම්දීමෙන් පසු පිරිස විසිර ගියහ.  

හොරගස්මුල්ල  දිසා රෝහල ආසන්නයේ  නිවසක මෙම යාච්ඥා මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇති අතර පිටතින් පැමිණෙන නාඳුනන පිරිස් ගැවසීම නිසා තම ගමට තර්ජනයක් ව ඇති බව මෙහිදී ජනතාව සඳහන් කළහ.

ඔවුනට ආගම ඇදහීමට අවශ්‍ය කෙරෙන ආගමික මධ්‍යස්ථාන දිවුලපිටිය නගරය ආසන්යේ කිහිපයක්ම ඇති බව පෙන්වා දුන් ජනතාව නිවස ඇතුළත රහසිගත ඉදිකිරීම් සිදුකරමින් පල්ලියක් නිර්මාණය කිරීමේ නිරත බවටද චෝදනා කළහ.

මේ අවස්ථාවේ එහි පැමිණි දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ පරිසර කමිටුමේ නියෝජිතයන් ජනතාව පීඩාවට පත් වෙන බවට ඇති පැමිණිලි සැලකිල්ලට ගනිමින් මහජන පීඩාවක් ඇති නොකරන ‍ලෙසටද උප‍දෙස් දෙනු ලැබීය.

එහි පාලිකාව දැඩිව අවධාරණය කරනු ලැබුයේ තම ආයතනය ලියා පදිංචි කර නැති බවත් එය ක්‍රිස්ත්‍රියානි මණ්ඩලයේ ජනතා දේව සබාවක් බවයි.  දැනට විශාල පිරිසකගේ ලෙඩ දුක් සුව කරදී ඇති බව කී පාලකවරිය ඉදිරියේදී වැඩිහිටි නිවාසයක් ආරම්භ කිරීමට නියමිත බවද සදහන් කළාය. 

මෙහිදී මහා සංඝරත්නය අවධාරණය කළේ වැඩිහිටි නිවාසයන්ද ආසන්නයේ කිහිපයක් ඇති බවයි. එමෙන්ම වැඩිහිටි නිවාස ආරම්භ කිරීම සුදුසු නොවන ක්‍රියාවක් බවද මෙහිදී පැහැදිලි කර දුන්හ.  එදිනෙදා පැවැති මේ ගමේ සංස්කෘතිය විනාශ නොකරන ලෙසට ඉල්ලා සිටින බවද මහ සගරැවන මෙහිදී   අවධාරණය කළහ.

ආගමික ස්ථාන මෙන්ම දහම් පාසල් පවා අලුතින් ආරම්භ කිරීමේ ක්‍රියාදාමය අනුගමනය නොකර සිදු කරන මේ කටයුතු නිසා විශාල ගැටලුවක් ඇතිවීම වැළැක්වීමට සුදුසු පියවර ගන්නා ලෙස මෙහිදී පොලිසියෙන් ඉල්ලීමක් කරනු ලැබීය.

සිද්ධිය පිළිබදව අවසන් තීරණයක් ගැනීම සදහා මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන බවට පොලිසිය මෙහිදී දැනුම් දුන් අතර සාමය ආරක්ෂා කර ගැනීම සදහා එතෙක් මෙහි කටයුතු  නවතන ලෙසටද උපදෙස් දෙනු ලැබීය.



අදහස් (4)

දිවුලපිටියේ යාච්ඥා මධ්‍යස්ථානයකට ගම්මුන්ගේ විරෝධය

රවින් Thursday, 06 June 2019 08:13 AM

මිත්‍යා විස්වාසිකයින්. මේක ඉතින් එක ආගමකට හෝ ජාතිකයින්ට පමණක් සිමා වෙච්ච එකක් නොවේ.

:       0       2

Nuwan Friday, 07 June 2019 12:22 PM

ලෙඩ හොද කරන්න පුලුවන්නම් ලගම රෝහලට යන්න මිනිස්සු පිරිලා ඉන්නේ. මිනිස්සුන්ට සල්ලි දීලා ආගම් වලට හරවන කල්ලි අනාදිමත් කල් ඉන්නවා ලංකාවේ.

:       0       1

චමින්ද Friday, 07 June 2019 01:52 PM

යාච්ඥාකර ලෙඩ සනීප කල හැකිනම් සෞඛ්‍ය අමාත්‍යාංශයක් හා රෝහල් වෛද්‍ය මධ්‍යස්ථාන කිසිවක්ම අවශ්‍ය නැහැනේ. අත්හදා බැලීමක් ලෙසට මේ කාන්තාවට මරණාසන්නම රෝගීන් කීප දෙනෙක් සුව කරන්න කියා භාරදෙන්න.

:       0       0

shan Monday, 10 June 2019 05:12 AM

මේ ආකාරයටම කොටදෙනියාව නගරයේද මෙවැනි ආයතනයක් ඇති කිරීමට ගත් උත්සහයක් ප්‍රදේශයේ විහාරධිපති වහන්සේලාගේ මැදිහත්වීම මත ඉවත් කරලීමට හැකිඋනා මේ ආයතන එන් ජී ඔ මුදල් වලින් යැපෙන නීති විරෝදී කාරයන් වල නිරතවන ආයතන බැවින් වහාම ඉවත් කල යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1226 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1200 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 439 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site