IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දරුවාට නොසැලකූ මවට අත්හිටවූ සිර දඬුවම්

(ඩී. ජී. සුගතපාල)
 
තම දියණියට වියදමට මුදල් ලබා නොදී නොසලකා හැර කෘරත්වයට පත්කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් මවකට දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්. පී. එස්. නිස්සංක මහතා බරපතල වැඩ සහිතව වසර දෙකක සිර දඬුවම් ලබාදී එය වසර දහයකට අත්හිටුවීමට අද(03) නියෝග කළේය.
 
ඊට අමතරව මහාධිකරණ විනිසුරුවරයා රුපියල් 10,000ක දඩ මුදලක්ද නියම කළේය.
 
මෙසේ දඬුවම් නියම වූයේ ගිංතොට දඩල්ල මහදුර මැණික් ඉරේෂා නමැති විත්තිකාර මවකටය.
 
 
විත්තිකාරිය තම දරුවන් මිත්තණිය බාරයේ තබා විදේශ රටකට ගොස් සිටියදී, දරුවනට නොසළකන බවට මිත්තණිය විසින් පැමිණිලි කිරීමෙන් පසු ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය විසින් මෙම නඩුව පවරා තිබිණි.
 
විත්තිකාරිය තමාගේ හත් හැවිරිදි සහ හතර හැවිරිදි දරුවන් දෙදෙනා මිත්තණිය බාරයේ තබා විදේශ රැකියාවකට ගොස් ඇති බවත්, එසේ ගොස් සිටියදි 2005 අගෝස්තු 25දින සිට 2006 අගෝස්තු 24දක්වා කාලය තුළ ළමයාගේ වියදමට මුදල් නොඑවා ඇති අතර ලංකාවට පැමිණි පසුවද නිවසට නොපැමිණ ළමයා ගැන සොයා නොබලා ඇති බවද නඩු විභාගයේදි අනාවරණය විය.
 
අධි චෝදනා දෙකක් යටතේ විත්තිකාරියට එරෙහිව නඩු පවරා තිබු අතර එක් චෝදනාවකට වසර එකක බැගින් වසර දෙකක සිර දඬුවම් සහ රුපියල් පන් දහස  බැගින් රුපියල් දස දහසක දඩ මුදල් නියම කර සිර දඩුවම්  වසර 10කට අත් හිටුවන ලදී. 
 
රජයේ අධි නිතිඥ පත්මාල් වීරසිංහද සිල්වා මහතා විසින් පැමිණිල්ල මෙහෙයවන ලදි.



අදහස් (0)

දරුවාට නොසැලකූ මවට අත්හිටවූ සිර දඬුවම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site