IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දැරියක් අපයෝජනය කළ තරුණයෙක් අත්අඩංගුවට

 (ජේ.කේ.එල්. චාමින්ද)
 
වයස අවුරුදු 15 ක හා මාස 04ක බාලවයස්කාර දැරියක්  නිත්‍යානුකුල භාරකාරත්වයෙන් අපහරණය කොට ස්ත්‍රි දුෂණයක් කිරිම සම්බන්දයෙන් 19 හැවිරිදි තරුණයකු රත්ගම රණපනාදෙණිය ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත්බැව් රත්ගම පොලිසිය පවසයි.
 
 බාලවයස්කාර දැරිය ඇල්පිටිය ඇල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි. දැරිය මෙම තරුණයා සමග ප්‍රේම සම්බන්දතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර එයට  දැරියගේ පියා විරෝධය පළකොට ඇති බව පරික්ෂනවලදි අනාවරණය වි ඇත.
 
පියා විසින් දැරියට මෙම සම්බන්දතාවය නතර කරණ ලෙස පවසා අවවාදකොට  තිබේ.මේ බව හඩමින් දැරිය විසින්  සැකකාර පෙම්වතාට පවසා  තිබේ. පසුව ඔහු දැරිය  රැගෙන රත්ගම රණපනාදෙණිය ප්‍රදේශයේ පිහිටි තම නැන්දාකෙනෙකුගේ නිවසට පැමිණ ඇති බව පොලිසිය පවසයි.
 
 අත්අඩංගුවට ගත් තරුණයා හා දැරිය වැඩිදුර පරික්ෂණ කටයුතු සදහා ඇල්පිටිය පොලිසියටභාරදි ඇත. රත්ගම පොලිසියේ  උ පො ප පුෂ්පකුමාර, උ පො ප ජයසිංහ . පො කො 68134 ප්‍රියංකර, පො කො 60457 ගුණවර්ධන පො කො 85210 නවරත්න යන නිලධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබිය.



අදහස් (0)

දැරියක් අපයෝජනය කළ තරුණයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 361 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 216 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site