(දයාරත්න ඇඹෝගම)
පස් හැවිරිදි දැරියක අපයෝජනය කළ බව කියන පුද්ගලයෙකු අද(12) මාමිනියාවේදී අත් අඩංගුවට ගත්බව ගල්කිරියාගම පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මාමිනියාව ගල්කිරියාගම පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙකි.
වින්දිත දැරිය සහ සැකකරු එකම ගම්මානයේ පදිංචි නෑයන් බවද, දැරිය සහ ඇගේ මව සමග සැකකරුගේ නිවසට ගොස් ඇති බවද, එම අවස්ථාවේ දැරියව සමීපයට කැඳවාගෙන ඔහු අපයෝජනය කර ඇති බවද, දැරිය ඒ බව සිය මවට පවසා ඇති බවද පොලිසිය කියයි.
ඇගේ මව පොලිසියට කළ පැමිණිල්ල මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අද (12) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.