IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


දුරගමන් බස්රථවලට ජංගම පුස්තකාල


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ තලපිටිබද්ද මහජන පුස්තකාලය හා බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය එක්ව ‘පොතක් සමඟ ගමනක්’ යන තේමාවට අනුව  පානදුර - රත්නපුර පෞද්ගලික බස් රථයක ජංගම පුස්තකාලයක් ස්ථාපනය කිරීමේ ප්‍රථම වැඩසටහන පානදුර ප්‍රධාන පෞද්ගලික බස් නැවතුම්පළේදී අද(21) පැවැත්විණි.
 
බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක මෙම වැඩසටහන පානදුර නගරයෙන් ආරම්භ කරන අතර අනෙකුත් දුරගමන් බස්රථවලද ස්ථාපිත කිරීමට නියමිතය.
 
දුරගමන් සේවාවල යෙදෙන මගීන්ට කියවීමේ රුචිය ඇතිකරලීමත්, ගමන් විඩාව නිවාගැනීමත්, මගීන් දැනුමින් පෝෂණය කිරීමත් යන අරමුණු ඇතිව මෙම කටයුත්ත ආරම්භ කළ බව සභාපතිවරයා පැවසීය.
 
බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති දේවේන්ද්‍ර පෙරේරා, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති තුසිත කුලරත්න, බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ ලේකම් ස්වර්ණා පෙරේරා මහත්මමහත්මීන් ඇතුළු පිරිස බස්රථයේ හිමිකරු වන එච්. ඒ. අයි. පී. පෙරේරා මහතා වෙත පුස්තකාලය සඳහා අවශ්‍ය පොත් බාරදුන්හ.

 



අදහස් (1)

දුරගමන් බස්රථවලට ජංගම පුස්තකාල

JAYATH Wednesday, 27 March 2019 04:35 AM

හොඳම හොඳ වැඩක් නමුත් ප්‍රශ්නේ මේ අර ස්මාර්ට් පොන් වලට "කොට කොටා ඉන්න " නූතන "කොට්ටෝරු " පරපුරට මේ ව වැඩක් වෙයිද කියලයි..... මොකද දුරකථන පාවිච්චි කරාට මේ රැල අන්තර්ජාලයෙන් ගතයුතු දේ ගන්නේ නැහැ . මම පොඩි කතාවක් කියන්නම් මේක සනාත වෙන . දවසක් මගේ මිතුරෙක් , එයාගේ පුතත් එක්ක මම හමුවෙන්න අවා එක්තරා "විදුලි පරිපතවගයක් " ගැන අහගන්න "ස්මාර්ට් " පුත්‍ර රත්නයේගේ අතේ "ස්මාර්ට් "දුරකතනයක් මම ඇහුව ඔය ෆෝන් එකෙන් ඉන්ටර්නෙට් ගිහිල්ල අදාළ පරිපත නාමය (මගෙන් ඉල්ලපු එක ) ටයිප් කරන්න බැරිද කියල පොර එක දන්නේ නැතිලු !!! මම එක කරලා පෙන්නුවම තමයි අර තාත්ත ගේත් ඇස ඇරුනේ !ඔන්න තත්වය මෙහෙම උන්දලට පොත් දුන්නට පලයක් වෙයිද ? දීල බලමු නේද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 238 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 388 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site