IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දිය නාන්න ගිය දෙදෙනකු දියේ ගිලි මරුට

(කේ බුද්ධික කුමාරසිරි)

 

කැළණි ගගේ නවගමුව මාපිටිගම පාලම අසල දිය නෑමට ගිය තරුණයින් සිව් දෙනෙකු අතුරින් දෙදෙනෙකු දියේ ගිලී මිය ගොස් සිටියදී අද (2) දින උදෑසන නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් විසින් සොයා ගෙන ගොඩ ගත් බව නවගමුව පොලිසිය පවසයි.

 

මිය ගිය එක් තරුණයෙකු රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට ගොස් එයින් සමත් වීමේ ප්‍රීතිය නිමිත්තෙන් ඔහුගේ තවත් මිතුරන් තිදෙනෙකු සමඟ කැළණි ගඟේ මාපිටිගම පාලම අසල මත්පැන් සාදයක් පවත්වා ඇති බවත් එම මත්පැන් සාදය අතරතුර ගගේ දිය නෑම සිදු කර ඇති බවත් පොලිසිය පවසයි.

 

මෙලෙස සිව් දෙනා වරින් වර මත්පැන් පානය කර දිය නාන අතරතුර දෙදෙනකු ගගේ ගිලි ඇති බවත් ඒ අවස්ථාවේදී ගං ඉවුරේ සිටි අනෙක් මිතුරන් දෙදෙනා දැඩි ලෙස මත්පැන් පානය කිරීම නිසාවෙන් ගං ඉවුරේම නින්ද ගොස් තිබී ඇති බවත් සිදු කළ මූලික පරීක්ෂණ වලදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

 

මෙලෙස මිය ගොස් අත්තේ රණාල නවගමුව සුදවිලපාර ප්‍රදේශයේ පදිංචි ඇගළුම් කර්මාන්ත ශාලාවක සුපරීක්ෂකවරයෙකු ලෙස සේවය කළ මුණසිංහ ආරච්චිගේ උදිත සංජය මුණසිංහ නමැති 27 හැවිරිදි පුද්ගලයකු සහ ගලේවෙල දකුණු වාසලකෝට්‍ටේ මැදබැද්ද ප්‍රදේශයේ පදිංචිව සිටි පනම්බරගේ සදරංග චිහිරාන් ෆර්නැන්ඩෝ නමැති 19 හැවිරිදි තරුණයෙකි.

 



අදහස් (0)

දිය නාන්න ගිය දෙදෙනකු දියේ ගිලි මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site