(පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය - තලවිල මුහුදේ දිය නාමින් සිටිය දී පසු ගිය 12 දින අතුරුදහන් වූ තරුණයාගේ මළ සිරුර කල්පිටිය මුහුදු වෙරළ තීරයට ගොඩ ගසා තිබූ බව කල්පිටිය පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ 19 හැවිරිදී ඇන්ඩෲ දිලීප් ලක්මාල් පිල්ලේ නම් කට්ටකාඩුව කොත්තන්තිවු හී පදිංචිව සිටි තරුණයෙකි.පාලකුඩාව පල්ලියේ වාර්ශික මංගල්‍ය සඳහා සිය පවුලේ ඥාතීන් හා පැමිණ සිටිය දී මෙම තරුණයා අනතුරට මුහුණ පා තිබිණි.
දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර කල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd