(කාංචන කුමාර ආරියදාස)
ගලේවෙල අධ්‍යාපන කළාපයට අයත් දඹුල්ලේ පාසලක තුන්වැනි ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා සෑම පන්තියකම සවස් කාලයේදී විද්‍යාලයේ ගුරුවරු අමතර පන්ති පවත්වා මුදල් ලබා ගන්නා බවට දෙමව්පියෝ චෝදනා කරති.
එක දරුවෙකුගෙන් රුපියල් 500 ක මුදලක් අයකරගෙන පන්ති භාර ගුරු වරුන්ගේ නිවෙස්වල අමතර පන්ති පවත්වා මුදල් ලබා ගන්නා බවට මව්පියන් කලාප අධ්‍යාපන කාර්යාලයට මෙන්ම කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයට ද දැනුම් දී තිබුණද මේ පිළිබඳව කිසිදු නිලධාරියකුගේ අවධානයක් යොමු වී නැතැයි ඔවුහු පවසති.
ලැබුණු තෙරතුරු අනුව රහසිගත කැමරා ආම්පන්න ද රැගෙන එම විදුහලට ගිය ලංකාදීප කණ්ඩායමට ඒ වන විට විදුහලේ ඉගෙනීම් කටයුතු අවසන් කර සවස හතරත් පසුවී ගුරුවරියන් තිදෙනකු සිසුන්ට අමතර ඉගැන්වීම් සිදු කරන අයුරු දැකිය හැකි විය.
ඉගැන්වීම් කටයුතුවල නිරතව සිටින එම ගුරුවරියන්ගෙන් මේ පිළිබඳව විමසීමේදී ඔවුන් තිදෙනාම කිසිදු උත්තරයක් නොදී එම ස්ථානයෙන් පිටව ගියාය.ඒ අතරතුරදී පංතිවල අධ්‍යාපනය ලබමින් සිටී කුඩා දරු දැරියන් ගෙන් මේ පිළිබඳව වීමසීමේදී ඔවුන් පවසා සිටියේ මසකට රුපියල් පන්සීයක මුදලක් මෙම අමතර පන්ති වෙනුවෙන් ගෙවිම් සිදු කරන බවයි.
එම අවස්ථාවේදී ගුරුවරියක් පන්තියට පැමිණිම සමඟ දරු දැරියන් නොසන්සුන්තාවට පත් වු අතර ඒ පිළිබඳව ඇයගෙන් විමසීමේදී කියා සිටියේ පාසල් වේලාවෙන් අනතුරුව නිවෙස්වල පන්ති පවත්වනවානම් මුදල් අය කරන බවයි.
මේ පිළිබඳව දරුවකුගේ පියකුගෙන් කළ විමසීමකදී පැවසුයේ පස්වරුවේ පන්ති පැවැත්වීම සිදුවන බවත් එක දරුවෙකුගෙන් රුපියල් 500ක මුදලක් ගුරුවරුන් ලබාගන්නා බවය. කෙසේවෙතත් කුලී වැඩක් සිදු කොට හෝ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මුදල් ගුරුවරුන්ට ලබා දෙන බව හෙතෙම පැවසීය.
එම දෙමාපියන් නගන චෝදනාව එම අවස්ථාවේදීම අධ්‍යාපනය ලබා දෙමින් සිටි ගුරුවරියන් තිදෙනාගෙන් විමසුවෙමු ඔවුන් තිදෙනා කියා සිටියේ දෙමාපියන් බලෙන් මුදල් එකතු කොට ලබාදෙන බවය.


2025 දෙසැම්බර් මස 04
507
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
474
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දඹුල්ලේ පාසලක ගුරුවරු අමතර පන්ති පවත්වා මුදල් ගරති