(නිමල් ජයරත්න)
දිඹුලාගල මාධ්‍ය කාර්යාලයේ ගෙවත්තට අනවසරයෙන් ඇතුළු වී එහි වැටකම්බි කණු කඩා දමා දේපළ හානි කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා වන ලයනල් රංජිත් කහගල්ල මහතාට නඩු පැවරීමට කටයුතු කළ බව පොළොන්නරුව පොලිසිය කියයි.
දිඹුලාගල මාධ්‍ය කාර්යාලය වසා තිබූ මොහොතක ඉකුත් 27 වැනිදින සමව විපක්ෂ නායකවරයා මෙම ඉඩම තමාට අයිති බව පවසමින් එහි ඇතුළු වී හානි කර ඇති බව දිඹුලාගල මාධ්‍ය සංගමයේ ලේකම් නිමල් ජයරත්න මහතා පොළොන්නරුව පොලිස් මූලස්ථානයට පැමිණිලි කර තිබේ.
විපක්ෂ නායකවරයාත් මාධ්‍ය සංගමයේ ලේකම්වරයාත් අද පොලිසියට කැඳවා පැමිණිල්ල විභාග කිරීමෙන් පසු අදාළ අලාභය ගෙවීමට පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමටත් කටයුතු කළ බව පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂක එම්.එස්.එම් ජරූල් මහතා පැවසීය.
ඒ අනුව සැප්තැම්බර් 10 වැනිදා දිඹුලාගල සභාවේ පොහොට්ටුවේ විපක්ෂ නායකවරයා මහේස්ත්‍රාත් අධිකරණයට කැඳවීමට නියමිතය.


2025 දෙසැම්බර් මස 18
557
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දිඹුලාගල මාධ්‍ය කාර්යාලයේ දේපළ හානි කළ ප්‍රා. සබේ විපක්ෂනායකට නඩු