(ටී.කේ.ජී.කපිල )
චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් හොංකොං සිට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ චීන ජාතික ගුවන් මගීන් තිදෙනකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මොවුන් අතරින් දෙදෙනෙකු චීන ජාතික පිරිමි වන අතර, අනෙක් ගුවන් මගියා චීන ජාතික කාන්තාවකි.
මේවායේ වටිනාකම් රුපියල් තිස් හතර ලක්ෂ අනූ අට දහසක් (34,98,000) කි.
චීනයේ නිෂ්පාදිත දුම්වැටි 63,600 ක් අඩංගු , දුම්වැටි කාටූන් 318 ක් සඟවා ගෙන තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියයට අනුවක්ම ලංකාවට එන චීන ජාතික ගුවන් මගීන් හොරෙන් සිගරට් මේ රටට ගෙන එන බව කවුද නොදන්නේ?