(මහින්ද නිශ්ශංක)
දුම්රිය එන්ජින් සහ මැදිරිවල සවිකරන විදුලි පංකා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ස්වාධීන කමිටුවක් පත්කිරීමට ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද(17) තීරණය කළේය.
දුම්රියට කිසිසේත් සම්බන්ධ නැති පාර්ශ්වයන්ට අදාළ කිහිපදෙනෙකු සම්බන්ධ කර ගනිමින් පත්කෙරෙන මෙම කමිටුවේ වාර්තාව සති දෙකකින් ලබාගෙන කමිටු නිර්දේශ ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා පවසයි.
පසුගිය කාලය තුළදී එම මිලදීගැනීම්වලදී වූ අක්‍රමිකතා පිළිබඳව සොයාබැලීමට අමාත්‍යවරයා අද(17) මාළිගාවත්ත අංගනයට ගිය අවස්ථාවේ මෙම කමිටුව පත්කිරීමට පියවර ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd