
(නිමල කොඩිතුවක්කු)
ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියේ ගමන්කළ මගීන් 122 දෙනෙකුගෙන් රුපියල් 361,000 දඩමුදලක් අද(10) දිනය තුළ පමණක් අයකරගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බම්බලපිටියේ සිට කැලණිය දක්වා සියලු දුම්රිය ස්ථාන කේන්ද්‍ර කරගනිමින් දුම්රිය ආරක්ෂක අංශයේ නිලධාරීන්, සංචාරක ප්‍රවේශපත්‍ර පරීක්ෂකවරුන් සහ දුම්රිය ස්ථාන කාර්ය මණ්ඩලය ඒකාබද්ධව කළ විශේෂ පරීක්ෂාවක දී මෙම දඩමුදල් අයකරගත් බව දුම්රිය නියෝජය සාමාන්‍යාධිකාරී(වාණිජ) එස්. පොල්වත්තගේ මහතා ලංකාදීපයට පැවසීය.
ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රියේ ගමන්කරන මගීන්ගෙන් ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් සහ රුපියල් 3000ක දඩමුලක් අයකරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේම කෝච්චියේ තුන්වන පංතියේ ටිකට් අරන් දෙවැනි පංතියේ සීට් අයිතිකරගෙන යන අය ගැනත් හොයලා බලන්න.