( උපාලි රණවීර)
දොම්පේ දිස්ත්‍රික් රෝහලේ පවතින සේවක පුරප්පාඩු සදහා මෙතෙක් විසදුම් නොලැබීම නිසා රෝහලේ පළමු වාට්ටුව වසාදමා එහි රෝගීන් දෙවන වාට්ටුවට අනියුක්ත කිරීමට රෝහල් පාලන අධිකාරිය පියවර ගෙන ඇත.
මෙසේ වසාදමා ඇති වාට්ටුව උණ රෝගීන් නේවාසිකව ප්‍රතිකාර ලබන අතර , දෙවන වාට්ටුව තුවාල රෝගීන් ප්‍රතිකාර ලබන වාට්ටුව වේ. මේ සම්බන්ධයෙන් දොම්පේ දිස්ත්‍රික් රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යය නිළධාරී වෛද්‍යය අරලිය පෙරේරා මහතාගෙන් සිදකල විමසුමකදී ඒ මහතා සඳහන් කළේ මෙවැන්නකි.
‘රෝහලේ පවතින සේවක පුරප්පාඩුව මාස ගණනාවක සිටම තිබෙනවා.මේ නිසා රෝහලේ දෛනික කටයුතු පවත්වාගෙන යාම පවාඅසීරුයි .ඒ නිසා තමයි පසුගිය 23 වන සිකුරාදා ඉදලා මේ තීරණය ගත්තේ.
වෛද්‍යවරුන් ප්‍රමාණවත් ලෙස සිටියත් දැනට රෝහලේ සිටින්නේ කාර්යය මණ්ඩල සේවකයින් 27 ක් විතරයි. නමුත් සිටිය යුතු ප්‍රමාණය 48ක්. බාහිර රෝගී අංශයට මෙන්ම නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමට දෛනිකව රෝගීන් විශාල ප්‍රමාණයක් රෝහලට එනවා.
අලුතින් හදිසි අනතුරු ඒකකයක් ස්ථාපිත කොට තිබුණත් ඒ සදහාත් මේ දක්වාම කාර්යය මණ්ඩල සේවකයින් ලබාදි නැහැ.එහි කටයුතු ආරම්භ කිරීම මෙතෙක් ප්‍රමාද වන්නේද මේ හේතුව නිසයි.රෝහලේ සායනික කටයුතු පවත්වාගෙන යාමට පවා ගැටලු රාශියක් මතුවී තිබෙනවා.මේ සම්බන්ධයෙන් ඉහළ බළධාරීන් පෞද්ගලිකව හමු වීකරුණු වාර්තා කළත් ඒ සදහා විසදුම් මේ දක්වාම ලැබුණේ නැහැ. අප්‍රේල් මාසයයෙන් පසු රෝහල් සේවකයෙකු විශ්‍රාම යනවා ඒ වන විට කාර්යය මණ්ඩලය 26කි.
2025 දෙසැම්බර් මස 18
667
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1113
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දොම්පේ දිස්ත්‍රික් රෝහලේ සේවක පුරප්පාඩු නිසා රෝගීන් අසීරුතාවක